Saturday, April 27, 2024

General line - 0115112241

අභ්‍යවකාශයේ සිදුවූ කඩාකප්පල්කාරී ක්‍රියාවක් ගැන රුසියාව හෙළි කරයි (PHOTOS)

දිනුක් හේවාවිතාරණ




ඉකුත් සතියේ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ වාර්තාවූ වායු කාන්දුව සිතා මතාම සිදුකල කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවට රුසියානු අභ්‍යවකාශ ඒකකයේ ප්‍රධානියා ප්‍රකාශ කර සිටිනවා. මේ පිළිබඳව තමන් වැඩිදුර විමර්ශනයන් සිදුකරන බවයි රුසියානු අභ්‍යවකාශ ඒකකය සදහන් කරන්නේ.

රුසියානු අභ්‍යවකාශ ඒකකයේ ප්‍රධානි Dmitry Rogozin සදහන් කරන්නේ රුසියානු අභ්‍යවකාශ යානයේ හටහෙන තිබු සිදුර පෘථිවියේදී හෝ එසේත් නැත්නම් අභ්‍ය්වකාශයේදී සිදු කළ එකක් බවට සැකකරන බවයි.

අභ්‍යවකාශ යානයේ ඇතිව තිබු කුඩා සිදුර හේතුවෙන් ඔක්සිජන් මට්ටම පහළ යාමක් සිදුවුවත් එය වසා දැමීමට ගගනගමින්ට හැකියාවක් ලැබුණු අතර කිසිදු ජිවිත හානියක් සිදු නොවුනා.

රුසියානු අභ්‍යවකාශ ප්‍රධානියා සදහන් කරන්නේ මෙම සිදුර ඇති කිරීම සදහා අවස්ථා කිහිපයකදීම උත්සහ දරා ඇති බවට පෙනියන බවයි.

කෙසේ වුවත් මෙය නිෂ්පාදන දෝෂයක්ද එසේත් නැත්නම් කවුරුන් හෝ සිතා මතා සිදුකළ එකක්ද යන්න ගැන සෙවීමේ විමර්ශනයක් සිදුකරන බවට රුසියාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.

මිට පෙර රුසියාව සදහන් කළේ මෙම සිදුර කුඩා උල්කාෂ්ම කැබැල්ලක් වැදීමෙන් ඇතිවූ එකක් බවට සැකකරන බවයි.

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ වායු කාන්දුවට හේතුවූ සිදුරේ ජයාරුපය පහතින් දැක්වේ.