Saturday, April 27, 2024

General line - 0115112241

ඩුබායි සිට පැමිණි ගුවන් යානයක මගින් 100 දෙනෙක් හදිසියේ අසනීප වෙයි : 11 ක් රෝහල් ගත කරයි

දිනුක් හේවාවිතාරණ




ඩුබායි සිට අමෙරිකාව බලා පැමිණි එමිරේට්ස්  සමාගමට අයත් ගුවන් යානයක සිටි මගීන් ගෙන් 100 කට ආසන්න ප්‍රමාණයකට හදිසියේ රෝගී වීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

අමෙරිකාවේ ජෝන් එෆ් කෙනඩි ජාත්‍යන්තර ගුවන් තොටුපලට ගොඩ බස්වන ලද අංක 203 දරණ එමිරේට්ස් ගුවන් සමාගමට අයත් ගුවන් යානයේ මගින් 521 දෙනෙක් පැමිණ ඇති අතර ඉන් 100 දෙනෙක් පමණ තමන්ට උණ, අධික ලෙස දහදිය දැමීම, කැස්ස සහ ගැස්ට්‍රටිස් වැනි රෝග ලක්ෂණ ඇති බවට ගුවන් යානයේ නියමුවරයාට දැනුම් දී තිබෙනවා.

මේ අනුව ගුවන් නියමුවරයා විසින් ගුවන් තොටුපල බලධාරීන්ට සිදුකල දැනුම් දීමකට අනුව අමෙරිකානු රෝග නිවාරණ ඒකකයේ නිලධාරින් ගුවන් යානයේ පැමිණි ගුවන් මගින් විශේෂ පරික්ෂාවකට ලක් කිරීමෙන් අනතුරුව පුද්ගලයින් 11 දෙනෙක් රෝහල් ගත කර ඇති බවයි BBC පුවත් සේවය සදහන් කරන්නේ.

ගුවන් යානයේ සිටි ඉතිරි මගින් 538 දෙනෙකුට ගුවන් තොටුපළෙන් බැහැරව යාමට අවසර හිමිව ඇති බව එමිරේට්ස් ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.

මේ අතර නිව් යෝර්ක් නගරාධිපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී ඇත්තේ ගුවන් යානයේ පැමිණි ඇතැම් මගීන් මක්කම සිට පැමිණි ඇති බවත් මේ දිනවල මක්කමේ දරුණු උණ රෝගයක් පැතිරෙමින් පවතින නිසා ඔවුන් ද එයට ගොදුරුවන්නට ඇති බවයි.