Saturday, April 27, 2024

General line - 0115112241

ඉක්වදෝරයේ ප්‍රබල භූමිකම්පාවක්

දිනුක් හේවාවිතාරණ




මධ්‍යම ඉක්වදෝරයේ මැග්නටියුඩ් ඒකක 6.2 ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් සිදුව තිබෙනවා. මෙම භූමිකම්පාවේ ප්‍රබලත්වය ඉක්වදෝරයේ ප්‍රදේශ රැසකට දැනුණු බවයි එරට වැසියන් හා මාධ්‍ය සදහන් කරන්නේ.

මෙම භූමිකම්පාව හේතුවෙන් සිදුවූ ජිවිත හෝ දේපල හානි ගැන මේ දක්වා කිසිදු වාර්තාවක් ලැබී නොමැති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරනවා.

2016 වසරේදී ඉක්වදෝරයට බලපෑ ඒකක 7.8 ක ප්‍රබල භූමිකම්පාවෙන් පුද්ගලයින් 650 දෙනෙකු ජිවිතක්ෂයට පත් විය.