Friday, April 26, 2024

General line - 0115112241

එංගලන්තය පසු බසී




සංචාරක ඉන්දීය කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන 05වන හා අවසන් ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවන විට සිය පළමු ඉනිම කි‍්‍රඩා කළ එංගලන්ත කණ්ඩායම අසීරු තත්ත්වයකට පත්ව සිටියා. ඒ, ඔවුන්ගේ කඩුළු 07ක් ලකුණු 198ක් තුළ බිඳ වැටීම හේතුවෙන්.

එංගලන්ත ඉනිම වෙනුවෙන් ඇලෙස්ටයාර් කුක් ලකුණු 71ක් සහ මොඉන් අලී ලකුණු 50ක් රැස්කළා. කෙසේවෙතත් සෙසු පිතිකරුවන්ට වැඩි ලකුණු සංඛ්‍යාවක් රැස්කිරීමට ඉන්දීය පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ. ඉෂාන්ත් ශර්මා ලකුණු 28 කට කඩුළු 03යි. ජස්පි‍්‍රට් බුම්රා ලකුණු 41කට කඩුළු 02ක් දවා ගත්තා.

තරගය පැවැත්වෙන්නේ ලන්ඩනයේ කෙනින්ටන්  ඕවල් පිටියේදීයි. මෙම තරගාවලියේ 3 ට 1 ක් ලෙස ඉදිරියෙන් සිටින්නේ එංගලන්ත කණ්ඩායමයි.