Friday, April 26, 2024

General line - 0115112241

බඹරුන් නිසා මස්කෙළියේ පාසලක් වැසෙයි




සිසුන් පිරිසකට බඹර ප‍්‍රහාරයක් එල්ල වීම හේතුවෙන් මස්කෙළිය සමන්එළිය මහා විද්‍යාලය අද නියමිත වේලාවට පෙර වසා දැමුණා. නෙත්  නිවුස් වාර්තාකරු පැවසුවේ බඹර ප‍්‍රහාරයට ලක්වූ සිසුන් 25දෙනෙකු මස්කෙළිය ප‍්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බවයි.

බඹර ප‍්‍රහාරය එල්ල වී ඇත්තේ විවේක කාලයේදී පාසලේ කී‍්‍රඩා පිටියේ කී‍්‍රඩා කරමින් සිටි සිසුන් පිරිසකටයි. 

ඒ හේතුවෙන් හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයාගේ අනුමැතිය පරිදි පාසල තාවකාලිකව වසා දැමීමට එහි විදුහල්පතිවරයා පියවර ගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.