Saturday, April 27, 2024

General line - 0115112241

පැයට කිලෝමීටර් 150 ක වේගයෙන් "ෆ්ලොරන්ස්" අමෙරිකාවට කඩා වදියි (VIDEOS/PHOTOS)

දිනුක් හේවාවිතාරණ




අමෙරිකානු ඉතිහාසයේ වාර්තා වන තවත් එක් ප්‍රචන්ඩ සුළි කුණාටුවක් වන "ෆ්ලොරන්ස්" සුළි කුණාටුව අද (14) අලුයම් කාලයේදී අමෙරිකාවේ නැගෙනහිර වෙරළ කලාපයට ඇතුල්වූ බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.

පැයට කිලෝමීටර් 150 ක වේගයෙන් හමා යන මෙම සුළි කුණාටුව නිසා උතුරු සහ දකුණු කැරලිනා නගරයන්හි විදුලි බලය මේ වන විට සම්පුර්ණයෙන්ම ඇණ හිට ඇති බවයි BBC පුවත් සේවය සදහන් කරන්නේ.

මේ අතර නැගෙනහිර වෙරළ කළාපය පිහිටි නගරවල ජීවත්වූ වැසියන් ගෙන් මිලියනකට අධික පිරිසක් ආරක්‍ෂිත ස්ථාන කරා යොමු කිරීමට අමෙරිකානු බලධාරීන් පසුගිය දින කිහිපයේදී කටයුතු කරනු ලැබුවා.

උතුරු සහ දකුණු කැරලිනා නගරයන්ට මාස 08 ක් තුල ඇඳහැලෙන වර්ෂාපතන අගය මෙම " ෆ්ලොරන්ස්" සුළි කුණාටුව නිසා ඇතිවන වර්ෂාව නිසා පැය 2ක් තුලදී එම නගරයන්ට ඇඳ හැලෙන බවට අමෙරිකාවේ කාලගුණික බලධාරීන් අනතුරු අඟවනවා.

මේ අතර සුළි කුණාටුවේ ප්‍රබලත්වය හේතුවෙන් මුහුදු රළ අඩි 6-10 ත් අතර ප්‍රමාණයකින් ඉහළ නගින බවත් එය රට තුලට ඇතුල් වන බව කාලගුණ බලධාරින් දැනුම් දී තිබෙනවා.

බලධාරීන් සදහන් කරන්නේ අද රාත්‍රී කාලය වන විට "ෆ්ලොරන්ස්" සුළි කුණාටුව තවත් ප්‍රචන්ඩ වනු ඇති බවයි.

මේ වන විටත් අමෙරිකාවේ නැගෙනහිර වෙරළ කළාපය ආසන්නයේ නගර රැසක් වැසි ජලයෙන් හා මුහුදු ජලයෙන් යටවී ඇති බව වාර්තා වන අතර ඇතැම් ස්ථාන වල ජලය අඩි 10 කට වඩා පවතින බව සදහන්.

නිවාස වලින් පිටව නොගොස් රැඳී සිටින ජනතාව බේරා ගැනීම සදහා සහන සේවා කණ්ඩායම් ක්‍රියාත්මක වන බවත් මේ වන විට පුද්ගලයින් 200 දෙනෙකු බේරා ගැනීමට එම නිලධාරින් සමත්ව ඇති බවයි වාර්තා වන්නේ.