Saturday, April 27, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා රග්බි පිල අවසන් පූර්ව වටයට

කසුන් කැලුම්




හොංකොංහි පැවැත්වෙන ආසියානු සත්සාමාජික රග්බි තරගාලියේ පළමු අදියරේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාව අද සමත් වුණා. ඒ චීන තායිපේ කණ්ඩායම 33 ට 12ක් ලෙස පරාජය කරමින්.

ශී‍්‍ර ලංකා රග්බි පිල මූලික වටයේ සහභාගි වූ තරග තුනෙන් තරග 2 ක් ජය ගැනීමට සමත් වුණා. පළමු තරගයේදී ශී‍්‍ර ලංකාව හමුවේ චීනය පරාජය වූයේ 31 ට බින්දුවක් ලෙසයි. දෙවන තරගයේදී ප‍්‍රබල ජපානය හමුවේ ශ‍්‍රී ලංකාව 21 ට බින්දුවක් ලෙස පරාජයට පත් වුණා. ශී‍්‍ර ලංකාව අවසන් පූර්ව වටයේදී හොංකොං කණ්ඩායම සමග තරග වැදීමට නියමිතයි