Friday, April 26, 2024

General line - 0115112241

මහින්ද සුදුසුම විකල්පය සොයා ගනියි

හේමන්ත කහවලගේ/තරංග රුක්ෂාන් ජයසේකර




පාර්ලිමේන්තුව තුළ රැඳී සිටිමින් අග‍්‍රාමාත්‍ය ධුරය වඩාත්ම සුදුසු විකල්පය බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු කියා සිටියේ ඉදිරියේදී ජනාධිපති ධුරයට වඩා අග‍්‍රාමාත්‍ය ධුරය බලවත් වන බවයි. ඉන්දීය සංචාරය අතරතුර දකුණු ඉන්දීය රූපවාහිනි නාලිකාවක් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කර ඇති අතර එම සාකච්ඡාව විකාශය කෙරුණේ ඊයේ (15) දිනයේයි. 

මේ අතර සිය සංචාරය පිළිබඳ සහ කුමන්ත‍්‍රණ සිද්ධිය පිළිබඳ හිටපු ජනාධිපතිවරයා මෙරට මාධ්‍ය වෙත අදහස් දක්වමින් පළ කළේ මෙවන් අදහසක්. 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ කැබිතිගොල්ලෑවේ ඉකුත්දා පැවති උත්සවයකට එක්වෙමින්. එම අවස්ථාවට වැඩම කර සිටි භික්ෂූන් වහන්සේ හිටපු ජනාධිපතිවරයාට ආශිර්වාද කළා.