Saturday, April 27, 2024

General line - 0115112241

අද ශ්‍රී ලංකාවේ තරග විලාසය තරගාවලියේ ඉදිරිය තීරණය කරයි

තරංග රුක්ෂාන් ජයසේකර




ආසියානු කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ශ‍්‍රී ලංකාව සහභාගී වන තීරණාත්මක තරගය අද (17) පැවැත්වෙනවා.

ඒ, ඇෆ්ගනිස්ථානයට එරෙහිවයි.

තරගාවලියේ ඉදිරිය පිළිබඳ බලාපොරොත්තු තබාගැනීමට නම් ශ‍්‍රී ලංකාව අද තරගය අනිවාර්යයෙන්ම ජයගත යුතුයි. ඒ, බංග්ලාදේශය හමුවේ ශ‍්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගය ලකුණු 137කින් පරාජයට පත්වීම හේතුවෙන්. 

මේ අතර තරගාවලියේ ඊයේ (16) පැවති දෙවන තරගයෙන් හොංකොන් කණ්ඩායම පරාජයට පත් කරමින් පාකිස්ථානය පහසු ජයක් අත්කර ගත්තා.