Saturday, April 27, 2024

General line - 0115112241

"ක්‍රීඩකයින් බයෙන්" - ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු කතාකරයි (VIDEO)

ඉෂාර සුපෙම් මානගේ




ලංකාවේ සිටින හොඳම පිතිකරුවන් 09 දෙනා මේ වන විට කණ්ඩායමේ සිටින බවත් දිනේෂ් චන්දිමාල් අවාසනාවන්ත ලෙස තුවාල ලබා ඉවත් වීමක් සිදු වුණත් ක්‍රීඩකයින්ගේ ක්‍රීඩා විලාසයේ ගැටලු නැති බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු තිලාන් සමරවීර පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ සිදු විය යුත්තේ ක්‍රීඩකයින්ගේ මානසිකත්වය ගොඩනැංවීම බවයි. පීඩනය පැමිණෙන විට නිවරැදි තීරණය ගැනීමේ හැකියාව ඔවුන් තුළ වර්ධනය විය යුතු බවද සඳහන් කළා. මේ වන විට ක්‍රීඩකයින් ක්‍රීඩා කිරීමේදී තිරණ ගන්නා විට යම් බයකින් සිටින ආකාරයක් පෙන්නුම් කරන බවත් පුහුණුකරුවන් ලෙස සෑම විටම එය වෙනස් කරන්නට උත්සහ කරන බවත් සඳහන් කළා. 

(එහිදී වැඩි දුරටත් දැක්වූ අදහස් පහතින් දැක්වෙයි)