Friday, April 26, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිළ ඉහළම ජයග්‍රහණයක් ලබද්දී සැක කටයුතු පිරිසක් ගැන අවධානය

කසුන් කැළුම්




ශ‍්‍රී ලංකා හා ඉන්දීය කාන්තා කණ්ඩායම් අතර කටුනායක ඊයේ (16) පැවති එක්දින ක‍්‍රිකට් තරගය අතරතුර ඔට්ටු තබන්නන් යැයි සැක කරන පිරිසකගෙන් පොලීසිය ප‍්‍රශ්න කර තිබෙනවා.

කෙසේ වෙතත් ඔවුන්ගේ සැබෑ අරමුණ වූයේ කුමක්දැයි මෙතෙක් අනාවරණ වී නැහැ. නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයෙන් ද විමසීමක් කළා. එහි ප‍්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා නෙත් ස්පෝර්ට්ස්මන් වෙත පැවසුවේ මේ පිළිබඳ සවිස්තරාත්මක නිවේදනයක් අද (17) දිනයේ නිකුත් කරන බවයි.

මේ අතර ඉන්දීය කාන්තා ක‍්‍රිකට් කණ්ඩායම සමග ඊයේ පැවති තුන්වන එක්දින ක‍්‍රිකට් තරගයෙන් කඩුලූ 03ක ජයක් වාර්තා කිරීමට ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායම සමත් වුණා.

තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීයාව ලකුණු 253ක් රැස් කළ අතර තරගය අවසන් වීමට පන්දුවක් ඉතිරිව තිබියදී ශ‍්‍රී ලංකාව ලකුණු 257ක් රැස් කරමින් තරගය ජය ගත්තා.

එහිදී චමරි අතපත්තු ලකුණු 115ක් රැස් කිරීම විශේෂත්වයක්. එය ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායමක් හඹාගොස් වාර්තා කළ ඉහළම ජයග‍්‍රහණයයි. එමෙන්ම ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායමක්, ඉන්දීය කණ්ඩායමක් මෙලෙස පරාජයට පත් කළේ වසර 05කට පසුව වීමද විශේෂත්වයක්.