Saturday, April 27, 2024

General line - 0115112241

රට යන්න හැදූ සභාපති නඩුව අවසන් වන තෙක් රිමාන්ඩ්

තරංග රුක්ෂාන් ජයසේකර




පුත්තලම ප‍්‍රාදේශීය සභාවේ සභාපති අංජන සඳරුවන් නඩුව අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අද (17) නියෝග කෙරුණා.

ඒ, ඔහුට එරෙහි නඩුවක් පුත්තලම මහාධිකරණයේදී අද කැඳවූ අවස්ථාවේදීයි.

නඩුවේ ඇප කොන්දේසි කඩකල බවටයි සභාපතිවරයාට චෝදනා එල්ල වී ඇත්තේ.

2010 වසරේ මදුරන්කුළිය නගරයේ පැවති ජන රැළියකදී සහභාගී වූ පිරිසකට වෙඩි තැබීමේ සිද්ධියක් පාදක කරගනිමින් ඔහුට එරෙහිව නඩු පවරා තිබෙනවා. එම නඩුවෙන් ඇප මත මුදා හැර සිටි සභාපතිවරයා ඉකුත්දා විදෙස්ගත වීමට උත්සහ දැරූ අවස්ථාවේ කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගැණුනා.