Saturday, April 27, 2024

General line - 0115112241

ආනයනික රෙදිපිළි මත වූ වැට් බද්ද 5% දක්වා අඩු කෙරේ

දිනුක් හේවාවිතාරණ




රෙදිපිළි කර්මාන්තයේ නිරත පාර්ශ්වකරුවන්ගේ ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින් ආනයනික රෙදිපිළි මත පනවා තිබූ වැට් බද්ද 5% දක්වා අඩු කෙරේ. ඒ අනුව රෙදිපිළි මත 15%ක්ව වූ වැට් බද්ද අද (18) සිට අඩු කිරීමේ ගැසට් නිවේදනයට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර අද අත්සන් තබා තිබෙනවා.

මීට පෙර රෙදි පිළි ආනයනයේ දී කිලෝ ග්‍රෑම් එකක් සඳහා රුපියල් 100ක් සෙස් බද්දක් අය කරනු ලැබුවා. 2018 අයවැය මගින් භාණ්ඩ මත 15%ක වැට් බද්දක් පනවමින් 2002 අංක 14 දරන වැට් බදු පනත සංශෝධනය කෙරුණු අතර එය 2018 අගෝස්තු මස 16 වැනි දා සිට ක්‍රියාත්මක වුවා.

මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලැබූ නිවේදනය පහතින් දැක්වේ.