Friday, April 26, 2024

General line - 0115112241

චීන අමෙරිකා යුද්ධයක් උග්‍රවෙයි

තරංග රුක්ෂාන් ජයසේකර - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




චීනය සහ අමෙරිකාව අතර වෙළද යුද්ධය තවදුරටත් උග‍්‍ර වී තිබෙනවා. ඒ තවත් චීන භාණ්ඩ රැුසකට බදු පැනවීමට අමෙරිකාව පියවර ගැනීමත් සමගයි. මෙවර අමෙරිකානු ඩොලර් බිලියන 200ක් වටිනාකමකින් යුත් චීන භාණ්ඩ සදහා අමෙරිකාව විසින් නව බදු පනවනු ලැබ තිබෙනවා. ඒ ආනයනික චීන භාණ්ඩ 6000ක් ඉලක්ක කර ගනිමින්. මේ යටතට අත්බෑග, සහල් සහ ඇගළුම්ද අයත්. මීට අමතරව වැසිකිලි කඩදාසි සහ ලොම් සදහා ද අමෙරිකාව මෙවර බදු පනවා තිබීම විශේෂත්වයක්.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් පවසන්නේ චීනයේ අසාධාරණ වෙළද ප‍්‍රතිපත්ති හේතුවෙන් මෙම බදු පැනවූ බවයි. සැප්තැම්බර් 24වනදා සිට නව බදු පැනවීම ආරම්භ වනවා. සියයට 10න් ආරම්භ වන බදු ලබන වසර වන විට සියයට 25ක් දක්වා ඉහල යනු ඇති. මෙය සැලකෙන්නේ අමෙරිකාව විසින් චීන භාණ්ඩ සදහා බදු පැනවනු ලැබූ ඉහලම අවස්ථාව ලෙසයි. 

අමෙරිකාව විසින් ආනයනික චීන භාණ්ඩ ඉලක්ක කර ගනිමින් මීට පෙරද බදු පනවනු ලැබුවා. දිගින් දිගටම සිදුවන බදු පැනවීම්වලට විරුද්ධව අමෙරිකාවට එරෙහිව එකට එක කිරීමට සූදානම් බව චීනය දැනටමත් ප‍්‍රකාශ කර අවසන්.