Friday, April 26, 2024

General line - 0115112241

පොලිස්පතිවරයා ගැන සෑහීමට පත්වන්න බැහැ

පසන් වික්‍රමතිලක




පොලිස්පතිවරයාගේ ක‍්‍රියා කලාපය සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බව සත්‍ය ගවේෂකයෝ සංවිධානය පවසනවා. එහි කැඳවුම්කරු, නීතීඥ පේ‍්‍රමනාත් සී දොලවත්ත ප‍්‍රකාශ කළේ පොලිස්පතිවරයා එක්සත් ජාතික පක්ෂයේ අවශ්‍යතා අනුව කටයුතු කරන ආකාරයක් දක්නට ලැබෙන බවයි.

 ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ අද (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

 


කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂය අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍ය ජේ සී අලවතුවල පැවසුවේ පොලිස්පතිවරයා නියමිත පරිදි සිය රාජකාරී ඉටු කරන බවයි. ඔහුගේ මාධ්‍ය භාවිතාව සම්බන්ධයෙන් ඔහුගෙන්ම ප‍්‍රශ්න කළ යුතු බවද රාජ්‍ය අමාත්‍යවරයා ප‍්‍රකාශ කළා.