Friday, April 26, 2024

General line - 0115112241

පෙර ආණ්ඩුව තිබු කාලයට සාපේක්ෂව භාණ්ඩ මිල අඩුයි - ඇමති රාජිත

ලහිරු කපුගේ




අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල රුපියල් 167.41ක් දක්වා අද (19) ඉහළ ගියා. අමෙරිකානු ඩොලරය සඳහා ඉතිහාසයේ වාර්තා වූ ඉහළම විකුණුම් මිලද මෙයයි. අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල අද සටහන් වූයේ රුපියල් 163.87ක් ලෙසයි. 

රුපියලේ අගය මෙලෙස දිගින් දිගටම අවප‍්‍රමාණය වීම සම්බන්ධයෙන් අද පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන්, සම කැබිනට් ප‍්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්නගෙන් විමසා සිටියා. 

භාණ්ඩ මිල ගණන් දිනෙන් දින ඉහළයාම සම්බන්ධයෙන් ද මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් ප‍්‍රශ්න කළා. ඊට ප‍්‍රතිචාර දක්වමින් අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටියේ භාණ්ඩ රැසක මිල ගණන් තවමත් පසුගිය ආණ්ඩු සමයට වඩා අඩු මට්ටමක පවතින බවයි. 

එහිදී මාධ්‍යවේදීන් නැඟූ තවත් ප‍්‍රශ්නයකට අමාත්‍යවරයා ප‍්‍රතිචාර දැක්වූයේ මෙලෙසයි.