Saturday, April 27, 2024

General line - 0115112241

බස්සන්න බෑ කියූ පාන් මිල බැස්සූ හැටි




වැඩි කෙරුණු තිරිඟු පිටි මිල අඩු කිරීමෙන් පසු පාන් මිලද අඩු කිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ට පොරොන්දුවක් දී තිබෙනවා. 

නෙත් නිවුස් ඊයේ (19) දහවල් කළ විමසීමකදී එම සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන පැවසුවේ තිරිඟු පිටි මිල අඩු කළද පාන් මිල අඩු කළ නොහැකි බවයි.

රුපියලේ අගය අවප‍්‍රමාණය වීම සහ තවත් කරුණු නිසා බේකරි නිෂ්පාදන සඳහා යොදා ගැනෙණ සෙසු අමුද්‍රව්‍යවල ද මිල වැඩි වී ඇතැයි එහිදී ඔහු පෙන්වා දුන්නා. 

කෙසේ වෙතත් ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවකදී බේකරි කර්මාන්තය මුහුණ දී තිබෙන මෙම ගැටළු සම්බන්ධයෙන් සුදුසු විසඳුම් ලබාදීමට අමාත්‍යවරයා පොරොන්දු වූ බවයි එන්. කේ. ජයවර්ධන පසුව කියා සිටියේ. 

එමෙන්ම පාන් මිල අඩු කරන්නැයි අමාත්‍යවරයා සුහද ඉල්ලීමක් කළ බවද ඔහු පවසනවා. මෙම කරුණු සැලකිල්ලට ගෙන වැඩි කෙරුණු තිරිඟු පිටි මිල අඩු කිරීමෙන් පසු පාන් මිලද අඩු කිරීමට තීරණය කළ බවයි එන්. කේ. ජයවර්ධන වැඩිදුරටත් පැවසුවේ. 

තිරිඟු පිටි මිල ඉකුත්දා වැඩි කෙරුණේ කිලෝග‍්‍රෑම් 01ක් රුපියල් 05කින්. පාන් ගෙඩියක මිල ද රුපියල් 05කින් ඉහළ දැමුණා.