Saturday, April 27, 2024

General line - 0115112241

චන්ද්‍රිකාට අත්තනගල්ලේදී විරෝධයක්




හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට අද අත්තනගල්ල සිත්තම් මහර බෝනෑගල ප‍්‍රදේශයේදී විරෝධතාවක් එල්ල වුණා. ඒ, අත්තනගලූ ඔය මත ඉදිකෙරුණු පාලමක් විවෘත කිරීමට පැමිණි අවස්ථාවේදීයි.

බස්නාහිර පළාත් සභා මන්තී‍්‍ර උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ සහ ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණු අත්තනගල්ල ප‍්‍රාදේශීය සභාවේ සභාපති පි‍්‍රයන්ත පුෂ්පකුමාර ඇතුලූ පිරිසක් මෙහිදී විරෝධය පළ කළා. ඔවුන් විසින් පළමුව මෙම පාලම විවෘත කළ අතර පසුව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, ලසන්ත අලගියවන්න සහ ෆයිසර් මුස්තාෆා යන අමාත්‍යවරුන් පැමිණ නිල වශයෙන් එය විවෘත කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

පසුව විරෝධය මධ්‍යයේ උත්සව භූමියෙන් හිටපු ජනාධිපතිනිය ඇතුලූ පිරිස පිටව ගියා. අනතුරුව බස්නාහිර පළාත් සභා මන්තී‍්‍ර  උපුල් මහේන්ද්‍ර‍්‍ර සහ  අත්තනගල් ප‍්‍රාදේශිය සභාවේ සභාපති පි‍්‍රයන්ත පුෂ්පකුමාර මාධ්‍ය වෙත අදහස් දැක්වූයේ මෙලෙසයි.