Saturday, April 27, 2024

General line - 0115112241

මාලදිවයිනේ ජනාධිපතිවරණයට ලංකාවේ තැබූ ජන්ද පෙට්ටිය

දිනුක් හේවාවිතාරණ




මාලදිවයිනේ ජනාධිපතිවරණය අදට (23) යෙදී තිබෙනවා. 2008 වසරෙන් පසුව පවත්වනු ලබන තුන්වන බහු පක්ෂ ජනාධිපතිවරණය සදහා ලක්ෂ 26 ක ජනතාවක් අද (23) දිනයේ සිය ජන්දය භාවිතා කිරීමට නියමිතව තිබෙනවා.

මාලදියින මැතිවරණ බලධාරීන් ජනාධිපතිවරණයේ ජන්ද ප්‍රකාශ කිරීම සදහා ශ්‍රී ලංකාව, ඉන්දියාව, මැලේසියාව, බ්‍රිතාන්‍ය යන රටවල් ඇතුළුව ජන්ද පෙට්ටි 427 මේ සදහා සුදානම් කර තිබෙනවා.

දැනට බලයේ සිටින අබ්දුල්ලා යාමින්ගේ පාලනය නිසා මාලදිවයිනේ ගැටළු රාශියක් පැන නැගුනු අතර ගතවූ මාස 06 ක කාලය පුරාවට ජනාධිපතිවරයා විසින් දින 45 ක හදිසි නිතිය ක්‍රියාත්මක කර තිබෙනවා.

මෙම මැතිවරණය ප්‍රචන්ඩ ක්‍රියා බහුලවිය හැකි බවට නිදහස් මැතිවරණයක් සදහා වන ආසියානු ජාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා. මෙම ජනාධිපතිවරණයේ වැඩි වාසිය පාලක පක්ෂයට හිමිවනු ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වෙන්නේ.

කෙසේ වුවත් අමෙරිකාව, බ්‍රිතාන්‍ය, යුරෝපා සංගමය සහ ඉන්දියාව මාලදිවයින් බලධාරීන් ගෙන් ඉල්ලා ඇත්තේ නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කරන ලෙසයි.