Saturday, April 27, 2024

General line - 0115112241

සති අන්තයේ විනෝද වෙන්න ගිය තරුණයින් 25 දෙනාම කූඩුවේ (PHOTOS)

රංජිත් රාජපක්ෂ




සති අන්ත දිර්ඝ නිවාඩුවට හැටන් මාර්ගය ඔස්සේ නුවරඑළියේ සංචාරය සඳහා පැමිණි තරුණයන් 25 දෙනෙකු සැකපිට පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හැටන් දුෂණ මර්ධන ඒකකයේ නිලධාරින් විසින් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් මල්ලිඅප්පු ප්‍රදේශයේදී ඊයේ (22)  උදෑසන සිට පස්වරු 6.00 දක්වා සිදු කළ හදිසි වැටලීමකදී මෙම තරුණයන් සැකපිට අත්අඩංගුවට ගත් බවයි වාර්තා වෙන්නේ.

සැකපිට අත්අඩංගුවට ගත් තරුණයන් 23 දෙනෙකු සන්තකයේ කේරල ගංජා තබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති අතර තවත් තරුණයන් දෙදෙනෙකු සන්තකයේ නිති විරෝධි දුම්වැටි ලග තබා ගැනීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගත් බවයි හැටන් පොලිසිය පවසන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 20ත් 25ත් අතර වයස් කාණ්ඩවල පසුවන අය බවත්, ඔවුන් කොළඹ, ගාල්ල, මාතර , මහනුවර ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි හැටන් පොලිසිය කියා සිටියේ.