Friday, April 26, 2024

General line - 0115112241

ආබාධයක් කියා යළි පැමිණි ධනුෂ්ක ගුණතිලක ගැන ක්‍රීඩා ඇමති වාර්තාවක් ඉල්ලයි

කසුන් කැලුම්




ක‍්‍රිකට් ක‍්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සම්බන්ධයෙන් පළ වී ඇති මතභේදාත්මක වාර්තා පිළිබඳ ක‍්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපාගේ අවධානය යොමු වී තිබෙනවා. ඒ පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙසටයි  ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ප‍්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වාට අමාත්‍යවරයා දන්වා ඇත්තේ. ඒ අනුව ඒ පිළිබඳ ප‍්‍රධාන විධායක නිලධාරීවරයා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කළමනාකරු චරිත් සේනානායකගෙන් තොරතුරු විමසා ඇතැයි සඳහන්. 

ඇතැම් මාධ්‍ය වාර්තාවල දැක්වුණේ ආබාධයක් සහිතව සිටියදී ඒ පිළිබඳ සඟවා ධනුෂ්ක ගුණතිලක මුදල් ලබා ගැනීමේ අරමුණින් ආසියානු කුසලාන තරගාවලියට එක්වී ඇති බවයි. එම තරගාවලියේ කිසිදු තරගයක් ක‍්‍රීඩා නොකර ඔහු ආපසු පැමිණියේ පුහුණුවීම් අතරතුර ඇති වූ ආබාධයක් හේතුවෙන්. 

පුහුණුවීම් අතරතුර ආබාධයට ලක්වූ බව පවසමින් රක්ෂණ මුදල් ලබාගැනීම ධනුෂ්කගේ් අරමුණ වී තිබූ බවට ද ඇතැම් මාධ්‍ය වාර්තා පළ කර තිබුණා. ඔහු සංචාරය සඳහා පිටත්ව ගොස් ඇත්තේ ක‍්‍රීඩා කිරීමට පිත්තක් හෝ රැගෙන යාමෙන් තොරව බවයි එහි දැක්වුණේ.