Saturday, May 4, 2024

General line - 0115112241

ශ‍්‍රී ලංකාවට අයත් පහළ වායුගෝලයේ කැලඹීමක්

ඩිල්ෂාන් මඩවල/සජිත් තිලකරත්න




ශ‍්‍රී ලංකාවට අයත් පහළ වායුගෝලයේ කැලඹීමක් ඇති වී තිබෙනවා. 

මේ හේතුවෙන් ප‍්‍රදේශ බොහෝමයකට වැසි ලැබෙනු ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.

එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ බුද්ධික බන්දුරත්න පෙන්වා දෙන්නේ "මෙම කැළඹිළි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ වැසි බලාපොරොත්තු වෙනවා.  බස්නාහිර, දකුණ සහ වයඹ පළාත්වලත් වෙරළබඩ ප්‍රදේශවලත් උදෑසන කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකියි. ඌව,නැගෙනහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක් පමණ වන තරමක් තද වැසි ඇති විය හැකියි." යනුවෙන්. 

ඇතැම් මුහුදු ප‍්‍රදේශ වරින් වර රළු විය හැකි බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

මේ අතර ඊයේ (23) පස්වරුවේ හමා ගිය තද සුළඟකින් ඇඹිලිපිටිය කුට්ටිගල ප‍්‍රදේශයේ ආපදා සිදුව තිබෙනවා. සිය වගාවන්ට ද මෙම සුළඟින් හානි සිදු වූ බවයි කුට්ටිගල වැසියන් පැවසුවේ.