Saturday, April 27, 2024

General line - 0115112241

ජිනිවා නුවර ශී‍්‍ර ලංකා තානාපතිගෙන් කොටි හිතවාදින්ට සංග‍්‍රහයක්

කසුන් කැලුම්




ශ‍්‍රී ලංකා යුධ හමුදාවට  සමුල ඝාතන චෝදනා නගමින් උද්ඝෝෂණ කළ කොටි ඩයස්පෝරාවේ රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන්ට ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ ශ‍්‍රී ලංකා තානාපති එල් ඒ  අසීස් රාත‍්‍රී භෝජන සංග‍්‍රහයක් ලබා දී තිබෙනවා. ඊට තමන් දැඩි විරෝධයක් එල්ල කළ බවයි ජගත් දේශපේ‍්‍රමී ලාංකික සංසදය පැවසුවේ.

එල් ටී ටී ඊ හිතවාදීන් ශ‍්‍රී ලංකාවට එරෙහිව අභූත චෝදනා මානවහිමිකම් සැසිය තුල එල්ල කරද්දී ශ‍්‍රී ලංකා තානාපති නිලධාරීන් මුනිවත රකිමින් සිටින බව එම සංසදය ප‍්‍රකාශ කළා. රජය ගෙන යන වැඩපිළිවෙලේ කොටසක් ලෙස සංහිඳියාව වර්ධනය කිරීමට මේ ආකාරයේ වැඩසටහන්වල නියැලෙන ලෙස තමන්ට කොළඹින් උපදෙස් ලැබී ඇති බවයි තානාපති නිලධාරීන් පවසා ඇත්තේ.

ශ‍්‍රී ලංකා තානාපතිගේ මෙම ක‍්‍රියාවට යුරෝපයේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබෙනවා.