Saturday, April 27, 2024

General line - 0115112241

ක්‍රීඩා ලෝලීන්ගේ විවේචන මැද කුසල්ගේ ස්ථානය අහිමි වෙයි - ඩිල්ෂාන්ගේ යෝජනාව ගැනත් ක්‍රිකට් ආයතනය දුන් පිළිතුර මෙන්න

කසුන් කැළුම්




එළඹෙන එංගලන්ත තරගාවලියේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමේ පිතිකරු ලැයිස්තුවේ වෙනසක් සිදුකරන බව තේරීම් කමිටුවේ සභාපති ග‍්‍රැහැම් ලැබ්රෝයි පවසනවා.

නෙත් ස්පෝර්ට්ස්මන් වෙත අදහස් දක්වමින් ඔහු කියාසිටියේ 2019 ලෝක කුසලානය ඉලක්ක කර ගනිමින් මෙම වෙනස සිදුකරන බවයි.

මේ සම්බන්ධයෙන් පුහුණුකරු සමගද සාකච්ඡා කළ බව ග‍්‍රැහැම් ලැබ්රෝයි කියාසිටියා. ශී‍්‍ර ලංකා කණ්ඩායමේ පිතිකරු ලැයිස්තුව වෙනස් විය යුතු බව කි‍්‍රකට් විචාරකයින්ගේ සහ කී‍්‍රඩාලෝලීන්ගෙන්ද අදහසයි.

විශේෂයෙන්ම දිගින් දිගටම අසාර්ථක වූ කුසල් මෙන්ඩිස් තවදුරටත් ආරම්භක පිතිකරුවෙකු ලෙස යොදා ගැනීම බොහෝ දෙනාගේ විවේචනයට ලක් වනවා. 

නෙත් ස්පෝට්ස්මන් මේ පිළිබඳ කළ විමසීමකදී තේරීම් කමිටුවේ සභාපති ග‍්‍රැහැම් ලැබ්රෝයි පැවසුවේ එළඹෙන එංගලන්ත තරගාවලියේදී කුසල් මෙන්ඩිස්ගේද පිතිකරු ස්ථානයේ වෙනසක් සිදුවන බවයි.

මේ අතර සිය සහාය අවශ්‍ය නම් කණ්ඩායමට එක්වීමට සූදානම් බව තිලකරත්න ඩිල්ෂාන් ඉකුත්දා ප‍්‍රකාශ කළා. මේ පිළිබද නෙත් ස්පෝර්ට්ස්මන් කළ විමසීමකදී තේරීම් කමිටුවේ සභාපතිවරයා පැවසුවේ ඒ පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි.