Friday, April 26, 2024

General line - 0115112241

ජනපති රණවිරුවන්ගේ අභිමානය ගැන අමෙරිකාවේදී යළි සිහිකරයි




රණවිරු අභිමානය සුරැකීමට රජය සෑම විටම කැපවන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා යළි අවධාරණය කරනවා. ජනාධිපතිවරයා මේ බව කියාසිටියේ ඊයේ (27) පස්වරුවේ නිව්යෝර්ක් නුවරදී අමෙරිකා එක්සත් ජනපදයේ වෙසෙන ශී‍්‍ර ලාංකිකයින් හමුවූ අවස්ථාවේදීයි. 

මෙම අවස්ථාවට විද්වතුන්, වෘත්තීයවේදීන්, ව්‍යාපාරිකයින්, එරට අධ්‍යාපනය ලබන විශ්ව විද්‍යාල සිසුන් ඇතුළු පිිරිසක් එක්ව සිටියා. මාතෘ භූමියේ ගෞරවය රැුක ගනිමින් ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ නිදහස තහවුරු කිරීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ගෙනයන වැඩපිළිවෙල අමෙරිකාවේ වෙසෙන ශී‍්‍ර ලාංකිකයින්ගේ පැසසුමට ලක් වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.