Friday, April 26, 2024

General line - 0115112241

ඉන්ටර්පෝල් චීන ප්‍රධානියා අතුරුදහන්

දිනුක් හේවාවිතාරණ




ජාත්‍යන්තර පොලිස් දෙපාර්ත්මෙන්තුව වන ඉන්ටර්පොල්හි චීන ප්‍රධානියා වන මෙන්ග් හොන්ග්වේ ගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ප්‍රංශයේ පිහිටි ඉන්ටර්පෝල් ප්‍රධාන කාර්යාලයේ සේවය කරනු ලබන චීන පොලිස් ප්‍රධානියා ඉකුත් සතියේදී චීනයට ගොස් ඇති බවත් මේ වන තෙක් ඔහුව සම්බන්ධ කර ගැනීමට නොහැකිවූ බව ඔහුගේ පවුලේ සාමාජිකයින් ප්‍රකාශ කර සිටිනවා.

දැනට සිදුකරනු ලබන විමර්ශන වලදී හෙළිවී ඇත්තේ ඔහු ප්‍රංශයෙන් පිටව ගොස් ඇති බවත් ඔහු අතුරුදහන්ව ඇත්තේ ප්‍රංශයේදී නොවන බවයි. 

මේ අතර දකුණු දිග චීනයේ මුද්‍රණය කරනු ලබන " මෝර්නින් පෝස්ට්" පුවත් පත සදහන් කරන්නේ ඉන්ටර්පෝල් හි චීන ප්‍රධානියා ප්‍රශ්න කිරීම සදහා එරට කමියුනිස්ට් පක්ෂය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

නමුත් චීන කමියුනිස්ට් පක්ෂය විසින් එම පුවත සම්බන්ධයෙන් හෝ මෙන්ග් හොන්ග්වේගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් මේ වන තෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.