Friday, April 26, 2024

General line - 0115112241

බස් රථයේ සුක්කානම වඳුරාට දුන් රියදුරා පාඩමක් ඉගෙන ගෙන (VIDEO)

පවිත්‍රා මධුහර්ශනී - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




තමා සේවය කරන බස් රථය පදවාගෙන යාම වඳුරෙකුට පැවරූ රියදුරෙකුගේ සේවය අත්හිටුවීමට ඉන්දියාවේ කර්නාටක ප‍්‍රාන්ත බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

එරට මාධ්‍ය පැවසුවේ අදාළ බස් රථයට ගොඩවූ මගියෙකු සමග මෙම වඳුරාද බස් රථයට ගොඩවී ඇති බවයි. පසුව රියදුරාගේ ආසනය වෙත පැමිණි වඳුරා හට රියදුරු විසින් බස් රථයේ සුක්කානම අල්ලා ගැනීමට අවස්ථාව ලබා දී තිබෙනවා.

එම අවස්ථාවේදී මගීන් 30දෙනෙකු පමණ බස් රථයේ සිට ඇති අතර ඔවුන් රියදුරුගේ මෙම කි‍්‍රයාවට දැඩි විරෝධය පළ කර තිබෙනවා. එක් පුද්ගලයෙකු මෙම කි‍්‍රයාව වීඩියෝ ගත කර සමාජ මාධ්‍ය ජාලයන්ට මුදා හැරීමත් සමගයි අදාළ රියදුරාගේ සේවය අත්හිටුවීමට ප‍්‍රාන්ත බලධාරීන් කටයුතු කර තිබුණේ.

(එම සිද්ධිය සම්බන්ධ වීඩියෝව පහතින් දැක්වෙයි)