Friday, April 26, 2024

General line - 0115112241

ජනපති සහ හිටපු ජනපති යළිත් හමු වූ තැන මෙන්න (PHOTOS)

හේමන්ත කහවලගේ




පසුගියදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවූ විවාහ මංගල්‍ය උත්සවය දේශපාලඥයෙකුගේ දියණියකගේ එකක් බව වාර්තා වනවා.
 
මීගමුවේ හෝටලයක පැවැති මෙම විවාහ මංගල්‍ය උත්සවය සඳහා ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපතිවරයා සහභාගී වී ඇත්තේ දෙපාර්ශ්වයේ සාක්ෂි පාර්ශ්වයන් වෙනුවෙන් අත්සන් කිරීමටයි.

බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රි සංජය සිරිවර්ධන සහ එම පළාත් සභාවේම වත්මන් මන්ත්‍රිනී සන්ධ්‍යා සිරිවර්ධනගේ දියණිය වන නිලූෂා සිරිවර්ධනගේ විවාහ මංගල්‍ය උත්සවය මෙලෙස පැවැත් වී තිබෙනවා.

මෙම අවස්ථාව සඳහා ආදීවාසී නායකයාද එක්ව සිටියා.

මේ අතර මෙම හමුවට පෙර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස්. බී. දිසානායකගේ කොළඹ පිහිටි නිවසේදී හමුවී කරුණු කාරණා කිහිපයක් ගැන සාකච්ඡා කර තිබෙනවා.