Friday, April 26, 2024

General line - 0115112241

උතුරු කොරියානු නායකයාගෙන් බලාපොරොත්තු නොවූ ඇරියුමක්

දිනුක් හේවාවිතාරණ




උතුරු කොරියාවේ නිල සංචාරයක් සදහා පැමිණෙන ලෙස අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පියතුමන්හට එරට නායක කිම් ජොංග් උන් විසින් ආරාධනා කර තිබෙනවා.

ඉකුත්දා උතුරු කොරියාවේ සංචාරය කිරීමට ගිය අවස්ථාවේදී එරට නායකයා විසින් මෙම ආරාධනාව කළ බවයි දකුණු කොරියානු ජනාධිපති මුන් ජේ-ඉන් ගේ මාධ්‍ය ප්‍රකාශකවරයා  සදහන් කර සිටියේ.

ලබන සතියේදී වතිකානුවේ සිදුකිරීමට නියමිත සංචාරයේදී තමන් විසින් උතුරු කොරියානු නායකයාගේ ආරාධනාව නිල වශයෙන් අති උතුම් ශුද්ධෝත්තම පියතුමන් හට පිළිගැන්වීමට බලාපොරොත්තුවෙන් සිටින බව දකුණු කොරියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති බව සදහන්.

මිට පෙර 2000 වර්ෂයේදී වත්මන් උතුරු කොරියානු නායකයාගේ පියාවන කිම් ජොංග්-ඉල් විසින් දෙවන ජුවාම් පාවුළු පාප්වහන්සේට උතුරු කොරියානු සංචාරයක් සදහා ඇරියුම් ලැබුවා. නමුත් මේ දක්වා කිසිදු ශුද්ධෝත්තම පියතුමන් වහන්සේනමක් උතුරු කොරියාවේ සංචාරයක නිරතවී නොමැත.

උතුරු කොරියාව සහ වතිකානුව අතර කිසිදු රාජතාන්ත්‍රික සම්බන්ධතාවයක් නොමැතිවීමද විශේෂත්වයක්.