Wednesday, May 8, 2024

General line - 0115112241

වැස්සෙන් තරගයට බාධා (UPDATE)




ශ‍්‍රී ලංකාව සහ එංගලන්තය අතර අද (10) දහවල් ආරම්භ වූ පළමු එක්දින තරගයට මේ වන විට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා.

ඒ අනුව තරගය මද වේලාවකට නතර කිරීමටයි තීරණය කර ඇත්තේ.

තරගය නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි එංගලන්ත කණ්ඩායම පන්දුවාර 15ක් අවසානයේ කඩුලු දෙකක් දැවී ලකුණු 92ක් ලබා සිටියා.

----------------------------------

 

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

(10-10-2018 14:17)

 

ශ‍්‍රී ලංකාව සහ එංගලන්තය අතර පළමු එක්දින තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට හිමිවුණා. පළමුව පන්දු රැකීමට තීරණය කර තිබෙනවා.

ශ‍්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරග 05කින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලිය දඹුල්ලේ දී අද ඇරඹෙනවා. දිවා රාත‍්‍රී තරගයක් වන මෙය පස්වරු 02.30ට ආරම්භ කිරීමට නියමිතයි.