Saturday, April 27, 2024

General line - 0115112241

බලංගොඩ නගර සභාවේ සභාපති සහ හිටපු සභාපති ගුටි කෙළියක

රෝහන වසන්ත - බලංගොඩ




බලංගොඩ නගර සභාවේ සභාපති චමික වැවේගෙදර සහ හිටපු සභාපති නිමල් ගාමිණී වීරසිංහ අතර ගුටිබැට හුවමාරුවක් සිදුව තිබෙනවා. ඒ, එම නගර සභාවේ අද (11) පැවති රැස්වීමේදීයි.

මෙම රැස්වීමට පෙර වත්මන් ආණ්ඩුවේ ක‍්‍රියා කලාපයට විරෝධය පළ කරමින් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත‍්‍රීවරුන් කළු පටි පැළඳ විරෝධතාවක නිරත වුණා. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන නිමල් ගාමිණී වීරසිංහ ද එම විරෝධතාවට එක්ව සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. විරෝධතාවයෙන් අනතුරුව සභාවාරය ආරම්භයේදී නිමල් ගාමිණී වීරසිංහ මන්ත‍්‍රීවරයා අදහස් දක්වන අවස්ථාවේ ඔහු සහ නගර සභා සභාපතිවරයා අතර බහින්බස්වීමක් සිදුව තිබෙනවා. එය දුරදිග යාමෙන් දෙදෙනා අතර ගුටිබැට හුවමාරුව සිදු වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.