Wednesday, May 8, 2024

General line - 0115112241

ව්‍යවස්ථා සභාවේ සිවිල් නියෝජිතයින් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

තරංග රුක්ෂාන් ජයසේකර




ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව සඳහා නම් කළ සිවිල් නියෝජිතයින් තිදෙනාට පාර්ලිමේන්තුවේ අනුමැතිය අද (11) හිමිවුණා. ඒ අනුව පත් වූයේ ආචාර්ය ජයන්ත ධනපාල, අහමඞ් ජාවිඞ් යූසුෆ් සහ නාගනාදන් සෙල්වකුමාරන්.

කතානායකවරයාගේ ප‍්‍රධානත්වයෙන් යුත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව සාමාජිකයින් දස දෙනෙකුගෙන් සමන්විත වන අතර ඊට සිවිල් නියෝජිතයින් තිදෙනෙකු ඇතුළත් විය යුතු වනවා.

කෙසේ වෙතත් මෙහිදී පාර්ලිමේන්තුවේදී ඇතිවූයේ උණුසුම් තත්ත්වයක්. ඒ පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිනේෂ් ගුණවර්ධන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ කටයුතු පිළිබද ප‍්‍රශ්ණ කිරීමත් සමගයි. නව අගවිනිසුරුවරයාගේ පත් කිරීම පිළිබදවද මෙහිදී අදහස් පළ කෙරුණා. 

මේ ඊට ප‍්‍රතිචාර දැක්වූ සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල.

පසුව කථානායක කරූ ජයසූරිය මහතා නව අගවිනිසුරුවරයාගේ පත් කිරීම පිළිබදව මෙලෙස අදහස් පල කලා.

දයාසිරි ජයසේකර මන්තී‍්‍රවරයා ද මෙම විවාදයට එක්වුණා. 

පොලිස් කොමිසම සම්බන්ධයෙන් මන්තී‍්‍ර දිනේෂ් ගුණවර්ධන සිදු කල ප‍්‍රකාශයටද කථානායක කරූ ජයසූරිය මහතා පිළිතුරු ලබා දුන්නා.

මේ අතර මැතිසබයේ කෑකෝ ගැසීම් හේතුවෙන් මන්තී‍්‍රවරුන්ගේ ප‍්‍රකාශනවලට උත්තර දීම අසීරු බව උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී අද මුලසුනට පැමිණිලි කළා. මන්තී‍්‍රවරුන් පිරිසක් සභා ගර්භයේ තැන් කිහිපයක රැුඳි සිටිමින් කතාබස් කරමින් සිටිනු දැක ගත හැකි බවයි වාර්තා වුණේ. මේ එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා.

මේ වන විට සයිටම් උපාධිය සම්පූර්ණ කර ඇති සිසුන් 81 දෙනා සදහා ද කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට ඇතුලත් වී සායනික පුහුණුව ලබා ගැනීමට අවස්ථාව ලබා දී ඇතැයි පාර්ලිමේන්තුවේදී අද අනාවරණය කෙරුණා.