Friday, April 26, 2024

General line - 0115112241

යාපනයේ තවත් තැනකින් මිනිස් අස්ථි කොටස් මතුවෙයි

මාධව කුලසූරිය




යාපනය,අච්චුවේලි මාර්ගයක් ආසන්නයේ විදුලි කණු සිටුවීමට වළවල් හැරී‍මේදී මිනිස් අස්ථි කොටස් කිහිපයක් ඊයේ (11) හමුව ඇති බව යාපනය අච්චුවේලි පොලිසිය පවසනවා. අච්චුවේලි පොලිසිය පැවසුවේ අච්චුවේලි පත්තමේනි සූසෙයප්පර් වීදිය ප්‍රදේශයේ විදුලි කණු සිටුවීමට වළවල් හැරීමේදී අදාළ අස්ථි කොටස් හමුව ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වෙත ලද තොරතුරු මත පොලිසිය අදාළ අස්ථි කොටස් සම්බන්ධයෙන් යාපනය මල්ලාකම් මහේස්ත්රාරත් අධිකරණය වෙත කරුණු වාර්තා කළ බවද පොලිසිය පැවසුවා. පොලිසිය පැවසුවේ යාපනය මල්ලාකම් අධිරණයේ නියෝග යටතේ යාපනය රෝහල් අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා අදාළ ස්ථානය සම්බන්ධයෙන් හෙට (12) පරීක්ෂා කිරීමට නියමිත බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් අච්චුවේලි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.