Saturday, April 27, 2024

General line - 0115112241

දෙමළ දේශපාලඥයින් අතින් සිදුවූ වරදක් සම්බන්ධන් හෙළි කරයි

සමන්ත කුමාර




මහත්මා ගාන්ධිතුමන්ගේ 150වන ජන්ම දින සැමරුම වෙනුවෙන් විශේෂ විවාදයක් පාර්ලිමේන්තුවේදී අද (12) පැවැත්වුණා. මේ එහිදී අදහස් දැක්වූ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා.

මෙම විවාදයට එක්වූ විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා පවසන්නේ අතීතයේදී දෙමළ දේශපාලඥයින් අවිහිංසාවාදී සත්‍යග‍්‍රහ ව්‍යපාරවලට සම්බන්ධ වූවානම් සන්නද්ධ අරගලය වැළැක්වීමට හැකියාව තිබූ බවයි. එය දෙමළ දේශපාලඥයින් අතින් සිදුවූ වරදක් බවයි ඔහු පෙන්වා දෙන්නේ. 1977දී දෙමළ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් එවැනි පියවරක් අනුගමනය කළේ නම් ප‍්‍රචණ්ඩත්වයෙන් තොරව ස්වයං පාලනයක් ඇති කර ගැනීමට හැකියාව තිබූ බව ආර් සම්බන්ධන් මහතා වැඩිදුරටත් පවසනවා. 

මේ අතර තී‍්‍රකුණාමලය තෙල් ටැංකි සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍ය අර්ජුණ රණතුංග අද අදහස් පළ කළා. 


මේ අතර ශල්‍යකර්ම වෙනුවෙන් පොරොත්තු ලේඛණවල සිටින රෝගීන් සංඛ්‍යාව අවම කර ගැනීමට ගෙන ඇති කි‍්‍රයාමාර්ග පිළිබඳ පාර්ලිමේන්තු මන්තී‍්‍ර වාසුදේව නානායක්කාර, අමාත්‍ය රාජිත සේනාරත්නගෙන් ප‍්‍රශ්ණ කළා. මේ අමාත්‍යවරයා එහිදී දැක්වූ ප‍්‍රතිචාරයයි.


වාසුදේව නානායක්කාර මන්තී‍්‍රවරයා මෙහිදී අමාත්‍යවරයාගේ කි‍්‍රයාකලාපය ඇගයිමටද ලක් කළා.