Friday, April 26, 2024

General line - 0115112241

"ගුගල්" සෞදිය වර්ජනය කරයි

දිනුක් හේවාවිතාරණ




ඔක්තෝම්බර් මස 23 වනදා සිට සෞදි අරාබියේ රියාද් අගනුවරදී පැවැත්වීමට නියමිත තෙදින ව්‍යාපාරික සමුළුව වර්ජනය කිරීමට අමෙරිකාවේ ගුගල් සමාගම තීරණය කර තිබෙනවා. 

තුර්කියේ පිහිටි සෞදි තානාපති කාර්යාලයේදී අමෙරිකානු වොෂින්ටන් පොස්ට් හි මාධ්‍යවේදි ජමාල් කෂෝගී ගේ අතුරුදහන් වීමේ සිද්ධිය මුල් කරගනිමින් තම සමාගම මෙම තීරණය ගත් බව ගුගල් සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.

ගුගල් සමාගමට අමතරව අමෙරිකාවේ තවත් සුප්‍රසිද්ධ සමාගම් වන Uber, Viacom සහ Ford සෞදි අරාබියේ පැවැත්වෙන මෙම ව්‍යාපාරික සමුළුව වර්ජනය කිරීමට පියවර ගෙන ඇති බවයි රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ.