Friday, April 26, 2024

General line - 0115112241

ලක් මවට පදක්කම දුන් දියණියගේ සැබෑ වූ සිහිනය වෙනුවෙන් මව්පියන් ඉඩකඩම් පවා උකසට තබලා

කසුන් කැළුම්




ආජන්ටිනාවේ පැවැත්වෙන යොවුන් ඔලිම්පික් උළලේදී ලෝකඩ පදක්කමක් දිනාගත් කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ පාරමී වසන්ති මාරිස්ටෙලා පිළිබඳව බොහෝ දෙනාගේ කතාබහට ලක්ව තිබෙනවා.

ඇය ශී‍්‍ර ලංකාවට මෙම පදක්කම දිනා දුන්නේ මීටර් 2000 කාන්තා බාධක දිවීමේ ඉසව්වෙන්.

ශ‍්‍රී ලංකාව යොවුන් ඔලිම්පික් කී‍්‍රඩා ඉතිහාසයේ දිනා ගත් පළමු පදක්කමද මෙය වනවා. මළල කී‍්‍රඩා ඉසව්වකින් ශී‍්‍ර ලංකාව එවැනි ජාත්‍යන්තර මට්ටමේ පදක්කමක් දිනා ගත්තේ වසර 10කට පසුවයි.

පාරමී වසන්ති මාරිස්ටෙලා හලාවත ධීවර පවුලක උපන් පාසල් කී‍්‍රඩිකාවක්. ඇය ලද මෙම ඉතිහාසගත ජයග‍්‍රහණය පිළිබඳ ඇගේ මව වන රීටා මාග‍්‍රට් නෙත් ස්පෝර්ට්ස්මන් වෙත මෙලෙස අදහස් පළ කළා.

පාරමී වසන්තිගේ කී‍්‍රඩා දිවිය වෙනුවෙන් සිය ඉඩකඩම්ද උකසට තැබූ බවයි ඇගේ මව මෙහිදී කියාසිටියේ. ඇගේ ඉදිරි කී‍්‍රඩා දිවිය සාර්ථක කර ගැනීමට අවශ්‍ය පහසුකම් ලබාදෙන්නැයි පාරමී වසන්ති මාරිස්ටෙලාගේ මව මෙහිදී කි‍්‍රඩා බලධාරීන්ගෙන් සංවේදී ඉල්ලීමක් කළා.