Saturday, April 27, 2024

General line - 0115112241

"රජයට බැනලා වැඩක් නෑ..එජාපය සමග එකතු වෙන්න"

දිනසේන රතුගමගේ




දෙමළ ජාතික සන්ධානයට ඇති හොඳම හා එකම විකල්පය රජයට දොස් නැගීම නොව එක්සත් ජාතික පක්ෂය වටා එකතු වී ඉදිරියට යාම පමණක් බව විජයකලා මහේෂ්වරන් මන්ත්‍රිවරිය යාපනයේදී පවසා සිටියා.

මන්ත්‍රිවරිය මෙසේ පැවසුවේ යාපනයේදී පැවැති උත්සවයක් අමතමින්.

විජයකලා මහේෂ්වරන් මන්ත්‍රිවරිය මෙම අදහස් පළ කරන ලද අවස්ථාවේදී එම රැස්වීමට දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන  මාවෙයි සේනාධිරාජා හා  පී.සරවනබවන් සහභාගී වී සිටියා.

මෙහිදී අදහස් දැක්වූ මන්ත්‍රිවරිය තවදුරටත් කියා සිටියේ දෙමළ ජාතික සන්ධානය නොව වෙනත් කවුරුන් හෝ රජයට දොස් නගමින් රජය විවේචනය කරමින් සිටීමෙන් කිසිදු පලක් අත් නොවන බවයි.