Friday, April 26, 2024

General line - 0115112241

ව්‍යාජ ඇල්ජීරියානු වීසා මඟීන් විදෙස්ගත වීමට තැත් කළ තිදෙනෙකු අත්අඩංගුවට




ව්‍යාජ ඇල්ජීරියානු වීසා මඟීන් විදෙස් ගතවීමට උත්සහ කළ පුද්ගලයින් තිදෙනෙකු කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින්. කටාර් හරහා ඇල්ජීරියාවට ගමන් කිරීම ඔවුන්ගේ සැලසුම වී තිබුණා. 

ඒ සඳහා ආධාර අනුබල දුන් තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පේදුරුතුඩුව, මන්නාරම සහ වත්තල යන ප‍්‍රදේශවල පදිංචිකරුවන්. සැකකරුවන් මීගමුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.