Saturday, April 27, 2024

General line - 0115112241

"ද හින්දු" පුවත සත්‍යයෙන් තොර බවට රජයෙන් නිවේදනයක් (UPDATE)

දිනුක් හේවාවිතාරණ




ජනාධිපති කාර්යාලයේ ඊයේ (16) පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡාවට ලක්වූ කරුණු බව පවසමින් රෝ සංවිධානය ජනාධිපතිවරයා ඝාතනයට තැතත් කළ බවට පලවන පුවත ‘සම්පූර්ණයෙන්ම සත්‍යයෙන් තොර’ බව නිවේදනයක් නිකුත් කරමින් රජය පවසනවා.‍

අමාත්‍ය මණ්ඩලයේ ලේකම් එස්.අබේසිංහ නිකුත් කරන ලද එම නිවේදනයෙන් පවසන්නේ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල ප‍්‍රධානියා ලෙස ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇති බවය.

මේ සම්බන්ධයෙන් මෙරට රජය විසින් ඉහත ප‍්‍රකාශය කර ඇති අතර එ් පිළිබඳ අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා විසින් අද නිකුත් කර ඇති නිවේදනය පහත දැක්වේ.

-------------------------------------------

මාව ඝාතනය කරන්න උත්සාහ කළේ ඉන්දියාවේ රෝ සංවිධානයයි - ජනාධිපති කියයි

17-10-2018 10:32

තමාව ඝාතනය කිරිමට ඉන්දියාවේ රෝ සංවිධානය උත්සහය දරා ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (16) පැවති කැබිනට් රැස්විමේදි ප්‍රකාශ කර ඇති බව ඉන්දියාවේ "ද හින්දු" වෙබ් අඩවිය වාර්තා කර සිටිනවා.

මේ අතර අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුව විසින් අත් අඩංගුවට ගනු ලැබු තෝමස් නම් ඉන්දිය ජාතිකයා තමාව ඝාතනය කිරිමට උත්සහ දැරූ රෝ ඔත්තු සේවයට සම්බන්ධ පුද්ගලයා බවත් ඒ ගැන ඉන්දිය අගමැතිවරයාගේ දැනුවත්විමක් නොමැති බව ශ්‍රි ලංකා ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති බව "ද හින්දු" වෙබ් අඩවිය වාර්තා කර සිටිනවා. 

" එය හරියට සී.අයි.ඒ සංවිධානය අමෙරිකානු ජනාධිපතිවරයා නොදැනුවත්ව සිදුකරන මෙහෙයුමක් වගේ" යැයි මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා නිර්වචනය කළ බවට එම වෙබ් අඩවිය වැඩි දුරටත් සඳහන් කර සිටින්නේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තවත් නොබෝ දිනකින් ඉන්දියාවේ නිල සංචාරයක් ඇරඹීමට නියමිතව තිබෙන අතර දෙරටේ අගමැතිවරුන් අතර හමුවක්ද සිදුවීමට නියමිත වටපිටාවක ජනාධිපතිවරයාගෙන් මෙම චෝදනාව එල්ලවිමද විශේෂයි.

මේ අතර කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට බදු දිම සම්බන්ධයෙන් වන යෝජනාව ගැන ඊයේ කැබිනට් රැස්විම අතර වාරයේදි උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇති බව හින්දු වෙබ් අඩවිය හෙළි කරනවා.