Saturday, April 27, 2024

General line - 0115112241

මත්තලට අදත් දැවැන්තයෙක් ගොඩබායි (PHOTOS)

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි




ලොව දෙවන විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානයක් වන ඇන්ටනොවූ AN 124 ගුවන්යානය අද (17) දහවල් 12.20 ට මත්තල ගුවන්තොටුපොළ තුළ ගොඩ බස්සවනු ලැබුවා. සවුදි ආරාබියේ Prince Sultan ගුවන්තොටුපොළේ සිට ඉන්දුනීසියාව දක්වා ගමන්කරන අතර තුර 19 දෙනෙකුගෙන් යුත් කාර්යමණ්ඩල විවේකය සඳහා මෙන්ම ඉන්ධන ලබාගැනීම සඳහා මෙම ගුවන්යානය මෙසේ මත්තලට ගොඩ බස්වා ඇත. 18 වනදා අලුයම් 3.30 ට ඉන්දුනීසියාව දක්වා නැවත මෙම ගුවන්යානය ගමන් කිරීමට නියමිතය.

මේ අතර පසුගිය 15 වනදා දින කේරලයේ සිට විදේශිකයින් 56 දෙනෙකු රැගෙන මත්තලට ගොඩබස්වා තිබෙන AF 0899 දරන ගුවන්යානයද 18 වනදා උදෑසන 09 ට පමණ මස්කට් දක්වා ගමන්කිරීමට නියමිතය.