Friday, April 26, 2024

General line - 0115112241

ඇමතිගේ මිල සූත්‍රය ජනතාව මුලා කිරීමක්

පසන් වික්‍රමතිලක




මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් ඊයේ (18) ඉදිරිපත් කෙරුණු ඉන්ධන මිල සූත‍්‍රය ජනතාව නැවත මුලා කිරීමක් බවට ඛණිජ තෙල් වෘත්තීය සමිති චෝදනා කරනවා. ඛණිජ තෙල් පොදු සේවක සංගමයේ ලේකම් ඩී. ජේ රාජකරුණා පැවසුවේ ඊයේ ඉදිරිපත් කෙරුණු මෙම මිල සුත‍්‍රය මීට පෙර භාවිතයේ පැවැත පසුව අතහැර දැමුණු එක්ක බවයි. මසකට වරක් ඉන්ධන මිල සංශෝධනය කෙරෙන මිල සූත‍්‍රය කුමක්දැයි ජනතාව දිගින්දිගටම ඇසූ ප‍්‍රශ්ණවලට පිළිතුරු දීගත නොහැකිව ආණ්ඩුව එය නැවත ඉදිරිපත් කර ඇතැයිද ඔහු කියා සිටියා.

ආණ්ඩුව ප‍්‍රකාශ කළ ඉන්ධන මිල සූත‍්‍රය මෙය නම් මුල් අවස්ථාවේදීම එය ප‍්‍රසිද්ධ නොකලේ මන්දැයි ද මෙහිදී ප‍්‍රශ්ණ කෙරුණා. තොරතුරු දැන ගැනීමේ අයිතිය පනත යටතේ පවා මෙම ඉන්ධන මිල සූත‍්‍රය ලබා දෙන ලෙස තමන් ඉල්ලා සිටි බවයි ඩී. ජේ රාජකරුණා වැඩිදුරටත් පැවසුවේ. එහෙත් ඉන්ධන මිල සූත‍්‍රය ලබා දිය නොහැකි බව එහිදීද මුදල් අමාත්‍යාංශය ප‍්‍රකාශ කළ බව ඔහු සිහිපත් කළා. 

මේ අතර මුදල් අමාත්‍යවරයා විසින් ඊයේ ප‍්‍රසිද්ධ කළ මිල සූත‍්‍රයට අනුව ඉන්ධන මිල තීරණය කෙරෙන්නේ නිර්ණායක 04ක් යටතේයි. වරායේ ගොඩබෑමේ පිිරිවැය, සැකසීමේ පිරිවැය, පරිපාලන පිරිවැය සහ බදු පිරිවැය එම නිර්ණායක වනවා.