Saturday, April 27, 2024

General line - 0115112241

සිල් රෙදි නඩුවේ අභියාචනය කැඳවේ




කුප‍්‍රකට සිල් රෙදි නඩුවට වරදකරුවන් වූ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් අනූෂ පැල්පිට විසින් ගොනු කර ඇති අභියාචන පෙත්සම් අභියාචනාධිකරණයේදි අද (19) කැඳවනු ලැබුවා. මීට අදාළ ලිඛිත දේශන ලබන නොවැම්බර් මස 26වනදා ගොනු කරන ලෙයසි පාර්ශවකරුවන්ට එහිදී නියෝග කෙරුණේ.

ඉකුත් ජනාධිපතිවරණ සමයේදි සිල් රෙදි බෙදා දිමේ වැඩසටහනක් සඳහා රාජ්‍ය මුදල් අවභාවිත කළ බවට සහ ඊට අනුබල දුන් බවට මෙම නඩුවේදී ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට වරදකරුවන් වුණා. ඒ අනුව ඔවුන්ට වසර 03 බැගින්වූ සිර දඬුවම් සහ රුපියල් ලක්ෂ 20 බැගින්වූ දඩ මුදල් ද නියම කෙරුණා. මෙම තීන්දුව දෝෂ සහිත බව පවසා තමන් චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙයසි අභියාචනය මගින් ඔවුන් ඉල්ලා ඇත්තේ.