Friday, April 26, 2024

General line - 0115112241

ගැටුමකින් පසු ජමාල් කෂෝගී මියගියා - සෞදිය පළමු වරට පිළිගනියි (PHOTOS/VIDEO)

දිනුක් හේවාවිතාරණ




මාධ්‍යවේදී ජමාල් කෂෝගී තුර්කියේ ඉස්තාන්බුල් හි පිහිටි සෞදි කවුන්සිලර් කාර්යාලයේදී ඇතිවූ ගැටුමක් හේතුවෙන් මිය ගිය බවට සෞදි ජාතික රූපවාහිනී සේවය වාර්තා කර සිටිනවා.

මේ සම්බන්ධයෙන් එරට නියෝජ්‍ය බුද්ධි අංශ ප්‍රධානි අහමඩ් අල්-අසීරි සහ එරට ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරුගේ ජේෂ්ඨ සහයකයෙක් වන අල්-කටානි යන දෙදෙනා ඔවුන්ගේ තනතුරු වලින් ඉවත් කර ඇති බව සෞදි රුපවාහිනි සේවය වැඩිදුරටත් කරුණු වාර්තා කර සිටිනවා.

මේ අතර සිදුවීම සම්බන්ධයෙන් සෞදි ජාතිකයින් 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.

මෙම විමර්ශන වාර්තාවන් සම්බන්ධයෙන් ධවල මන්දිරය ඉතා විමසිල්ලෙන් සිටින බව එහි ප්‍රකාශකයෙක් සදහන් කර සිටිනවා.

මාධ්‍යවේදී ජමාල් කෂෝගී මියගිය බවට සෞදි අරාබිය පිළිගත් පළමු අවස්ථාව මෙයයි. එමෙන්ම සෞදි රජය විසින් මාධ්‍යවේදියාගේ මරණය සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට පෙර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පළමු වරට ජමාල් කෂෝගී ජිවතුන් අතර නොමැති බවට පළමුවරට තමන්ට හැගෙන බවට ප්‍රකාශ කර සිටියා.

සෞදි බුද්ධි අංශ ප්‍රතිසංවිධානය කිරීම සදහා එරට පාලකයා වන සල්මාන් රජුගේ උපදෙස් මත මේ වන විට අමාත්‍යංශ කමිටුවක් පත්කර ඇති අතර එහි ප්‍රධානියා ලෙස ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් පත්කොට ඇති බව වාර්තා වනවා.

ඊයේ (19) රාත්‍රියේදී සෞදි රජු විසින් තුර්කියේ ජනාධිපතිවරයාට මාධ්‍යවේදියාගේ මරණය සම්බන්ධයෙන් දුරකතනයෙන් අමතා දැනුම් දී ඇති බව වාර්තා වනවා.

කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය සදහන් කර සිටියේ මෙම මාධ්‍යවේදියාගේ අතුරුදහන් වීම හා ඝාතනය සම්බන්ධයෙන් සෞදි රජකුමරුගේ සෘජු දැනුවත් වීමක් ඇති බවයි.

සබැදි පුවත් : nethnews.lk/article/59477