Friday, April 26, 2024

General line - 0115112241

පදක්කම දිනා දිවයිනට පැමිණී පාරමී ක්‍රීඩා බලධාරීන්ගේ ඇදිවතත් උනා දමයි

කසුන් කැලුම්




ආජන්ටිනාවේ පැවැති යොවුන් ඔලිම්පික් කී‍්‍රඩා උළෙලේදි මීටර් 2000 කාන්තා ධාවන ඉසව්වෙන් ශී‍්‍ර ලංකාවට ලෝකඩ පදක්කමක් දිනා දුන් පාරමී වසන්ති මාරි ස්ටෙලා අද (20) උදෑසන දිවයිනට පැමිණියා. ඇය පිළිගැනීම සඳහා කී‍්‍රඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ නොසිටි අතර කී‍්‍රඩා අමාත්‍යවරයාගේ නියෝජිතයා ලෙස එම අවස්ථාවට සහභාගී වුණේ කී‍්‍රඩා ප‍්‍රවර්ධන උපදේශිකා සුසන්තිකා ජයසිංහයි. 

ශී‍්‍ර ලංකාව යොවුන් ඔලිම්පික් කී‍්‍රඩා උළෙලක දිනා ගත් පළමු පදක්කමද මෙය වනවා.  තමන් අගහිග කම් මැද දිනාගත් මෙම ජයග‍්‍රහණය සම්බන්ධයෙන් පාරමී වසන්ති මාරි ස්ටෙලා මෙලෙස මාධ්‍ය වෙත අදහස් පළ කළා. 

බලධාරීන් විසින් මීට පෙර තමන්ට ලබා දුන් මූළ්‍ය ප‍්‍රතිපාදන පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බවයි ඇය මෙහිදී ප‍්‍රකාශ කළේ.


පාරමී වසන්ති මාරි ස්ටෙලාගේ මවද මෙහිදී මාධ්‍ය වෙත අදහස් පළ කළා.

ක‍්‍රීඩා අමාත්‍යවරයාගේ නියෝජිතයා ලෙස පාරමී වසන්ති මාරි ස්ටෙලා පිළිගැනීමට පැමිණි සුසන්තිකා ජයසිංහද මෙහිදී අදහස් දැක්වුවා.