Saturday, April 27, 2024

General line - 0115112241

ශ‍්‍රී ලංකාවෙන් එවූ ගීතයක් ඉන්දීය අගමැතිගේ පරිගණකයේ




ශ‍්‍රී ලංකා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරය අතරතුර අපූරු සිදුවීමක් සිදු වුණා. ඒ, ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් ලබාදුන් දිවා භෝජන සංග‍්‍රහයෙන් අනතුරුවයි.

එහිදී ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා සිය ටැබ් පරිගණකයෙන් ගීතයක් වාදනය කර ඇති අතර එය 15 වන සියවසේ නිර්මාණය වූ පැරණ ගුජරාට් බජන් ගීතයක නව නිර්මාණයක්. එය රූගත කර තිබුණේ නිදහස් චතුරස‍්‍ර පරිශ‍්‍රයේයි. භාතික සංතුෂ් ප‍්‍රමුඛ මෙරට සංගීත ශිල්පීන් පිරිසක් එය ගායනා කර තිබුණා.