Friday, April 26, 2024

General line - 0115112241

කෝලිගේ පිත්ත තැබූ අලුත්ම වාර්තාව මෙන්න

තරංග රුක්ෂාන් - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




එක්දින ක‍්‍රිකට් පිටියේ හඹාගෙන ගොස් ජයග‍්‍රහණය කළ තරගවල ශතක 20ක් රැස් කළ ලොව පළමු ක‍්‍රීඩකයා බවට පත්වීමට ඉන්දීය නායක විරාත් කෝලි සමත් වුණා.

ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග ඊයේ (21) රාත‍්‍රියේ පැවති පළමු එක්දින ක‍්‍රිකට් තරගයේදීයි.

ලකුණු 322ක ඉලක්කයක් හඹා ගිය ඉන්දියාව තරගය ජය ගත්තේ 43 වන පන්දුවාරයේදී කඩුලූ 02ක් පමණක් බිඳ වැටී තිබියදීයි.

විශිෂ්ට ඉණිමක් ක‍්‍රීඩා කළ කෝලි පන්දු 107කදී ලකුණු 140ක් රැස් කළා.

ඔහු සහ රෝහිත් ශර්මා එක්ව දෙවන කඩුල්ලට ගොඩනැගු සබඳතාව ලකුණු 246ක්. ඔවුන් දෙදෙනා එක්ව එක්දින ක‍්‍රිකට් පිටියේ ද්විත්ව ශතක සබඳතාවක් ගොඩ නැගු පස්වන අවස්ථාව මෙයයි. පිතිකරුවන් දෙදෙනෙකු එක්දින ක‍්‍රිකට් පිටියේ ද්විත්ව ශතක සබඳතා ගොඩ නැගු වැඩිම අවස්ථා සංඛ්‍යාව එය ලෙසටයි වාර්තා පොත් අතරට එක්වුණේ.