Saturday, April 27, 2024

General line - 0115112241

අපචාරයන් ගැන අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී හැඟුම්බර කතාවක් සිදුකරමින් සමාව අයැදියි (VIDEO)

දිනුක් හේවාවිතාරණ




පසුගිය දශක කිහිපය තුලදී ඕස්ට්‍රේලියාවේ රාජ්‍ය ආයතන තුල සිදුවූ ළමා අපචාර සිදුවීම් වලට ගොදුරු වූ සියළුම දෙනා ගෙන් ජාතියක් වශයෙන් තමන් සමාව අයදින බව එරට අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටිනවා.

අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී ඉතා හැඟුම්බරව සිදුකළ මෙම ප්‍රකාශයට සවන්දීම සදහා දහස් සංඛ්‍යාත පිරිසක් ඕස්ට්‍රේලියාවේ කැනබරා නුවරට රැස්ව සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙහිදී කුඩා කාලයේදී අපචාරයන්ට ගොදුරුවූ අයෙකු විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියේ තමා මුහුණ දුන් සිදුවීමෙන් පසු මුහුණ දුන් අත්දැකීම් විස්තර කළ නොහැකි වුවත් අද දිනයේදී මෙලෙස අගමැතිවරයාගේ කතාව ඇසීමට ජීවත්වීම සම්බන්ධයෙන් සතුටු වන බවයි.
ළමා අපචාරයන් සම්බන්ධයෙන් සෙවීමට පත්කළ කමිටුවක් විසින් ඉකුත් වසර 05 ක කාලය තුලදී සිදුකළ සමීක්ෂණ මගින් හෙළිවී ඇත්තේ රාජ්‍ය ආයතන තුළ මෙවැනි සිදුවීම් 8000ක් සම්බන්ධයෙන් සාක්ෂි රැස්කර ගැනීමට ඔවුන් සමත්ව ඇති බවයි.

අද දිනයේදී අවසානයේ අපගේ ළමුන්ගේ කෑසීමේ සහ වේදනාවේ හඬට අපි පිළිගන්නවා. අපව අත්හැර ගිය අයගෙන් අප මේ මොහොතේදී සමාව ඉල්ලනවා. මේ තරම් කාලයක් ඔවුන්ගේ හඬට කඳුලට පිළිතුරක් නොලැබුණේ ඇයි? ඔවුන් වෙනුවෙන් යුක්තිය ඉටුවෙන්න පමා වුනේ ඇයි යනුවෙන් මෙහිදී ඕස්ට්‍රේලියානු අගමැතිවරයා සිය කතාවේදී සඳහන් කර සිටියා.