Saturday, April 27, 2024

General line - 0115112241

පාපන්දු ක්‍රීඩාවේ යෙදී සිටි එංගලන්තයේ සුපිරි ක්‍රීඩකයෙක් ආබාධයකට ලක්වෙයි

දිනුක් හේවාවිතාරණ




ශ්‍රී ලංකාව සමග අද (23) දින පැවැත්වෙන අවසන් එක්දින තරගයෙන් සහ එළැඹෙන 27 වෙනිදා පැවැත්වීමට නියමිත විස්සයි 20 තරගයට එංගලන්ත කණ්ඩායමේ නිත්‍ය කඩුලු රකින ක්‍රීඩක ජොනී බෙයර්ස්ට්‍රෝ ක්‍රීඩා නොකරන බවට එරට ක්‍රිකට් පාළක මණ්ඩලය නිවේදනය කරනවා.

පසුගියදා මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී පැවති සිවුවන එක්දින තරගයේ පුහුණුවීම් වල නිරත වෙමින් සිටියදී පාපන්දු ක්‍රීඩාවේ නිරත වෙමින් සිටියදී ඔහුගේ දකුණු පාදයේ වළලුකර ආසන්නයේ ඇතිවූ ආබාධයක් එයට හේතුවයි.

මේ හේතුවෙන් අවසන් සීමිත ඕවර් තරග සදහා ඔහු ක්‍රීඩා නොකරන අතර ඉදිරියේදී පැවැත්වෙන ටෙස්ට් තරග සංචාරය සදහා ඔහු ක්‍රීඩා කරන්නේද යන්න පිළිබදව පසුව තීරණය කරන බවයි එංගලන්ත ක්‍රිකට් පාළක මණ්ඩලය නිවේදනය කරන්නේ.

තරග 05 කින් යුත් එක්දින තරගාවලිය තරග 3-0 ක් වශයෙන් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම මේ වන විට සමත්ව ඇත.