Saturday, April 27, 2024

General line - 0115112241

උතුරු පළාත් සභාවේ TNA සභිකයින් තුනට කැඩේ

හේමන්ත කහවලගේ




උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන සභිකයන් දේශලපාලනික වශයෙන් පාර්ශ්ව 03කට වෙන්ව තිබෙනවා.

එම පාර්ශ්ව 03 වන්නේ ආනන්දී ශශීදරන් නියෝජනය කරන ඊළාම් ද්‍රවිඩ ස්වයං පාලන කලාගම් පක්ෂය, සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් සහ ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් නියෝජනය කරන දෙමළ ජාතික මහ සභාව සහ දෙමළ ජාතික සන්ධානයයි.

කෙසේවෙතත් කලාගම් පක්ෂය සහ දෙමළ ජාතික මහ සභාව මැතිවරණ කොමිසමේ මෙතෙක් ලියාපදිංචි වී නැහැ. දෙමළ ජාතික සන්ධානය ඡන්ද විමසිම්වලදී ඉදිරිපත් වන්නේ ද ඉලංගෙයි තමිල් අරසු පක්ෂයෙන්.