Friday, April 26, 2024

General line - 0115112241

කම්කරුවන්ගේ සහයට කොටගල නගරයේ වෙලඳසැල් වසා කළු කොඩි ඔසවයි

රංජිත් රාජපක්ෂ




වතු කම්කරුවන්ගේ මුලික වැටුප රුපියල් දහස (1000/=) දක්වා වැඩි කරන ලෙස වතු සමාගම්වලට බල කරමින් දියත් කර ඇති උද්ඝෝෂණ ව්‍යාපාරයට සහයෝගය දක්වා කොටගල නගරයේ සියළුම වෙලදසැල් කළු කොඩි ඔසවා අද (25) උදැසන සිට වසා දමා තිබෙනවා.

මෙම උද්ඝෝෂණය කොටගල වෙළද සංගමය විසින් සංවිධානය කර තිබුණා.

හැටන් කොටගල අවට තේ වතුවල වතුකම්කරුවන් සහ කොටගල නගරයේ වෙළදසැල්වල රැකියා කරන සේවකයින් සහ කොටගල නගරයේ ත්‍රිරෝද රථ රියදුරන්, වැන් රථ හිමියන් ඇතුළු පිරිසක් එක් වී මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය පවත්වනු ලබනවා.

මෙම උද්ඝෝෂණයට සමගාමිව හැටන් නොර්වුඩ් නගරයේද උද්ඝෝෂණයක් පැවැත් වු අතර නොර්වුඩ්  නගරයේද වෙලදසැල් කළු කොඩි ඔසවා වසා දමා තිබුණා.
වතු සමාගම් වතු එකාබද්ධ වෘත්තිය සමිති වෙත අවධාරණය කර ඇත්තේ වතු කම්කරුවෙකුට දැන ගෙවන  රු 530 රු 600  දක්වා වැඩි කල හැකි බවයි එම යෝජනාව වතු එකාබද්ධ වෘත්තිය සමිති ප්රහතික්ෂේප කර ඇත.